බලපිටිය වැලිතොට උපන් විමල් අබේසුන්දර කවියා අප රට ලත් මහා දායාදයකි.වැලිතොට ගැන ඉතා සුවිශේෂ කවිමාලා රැසක් ඉදිරිපත් කළ.මොහු අපරටෙහි හා අප ගමෙහි බිහි වු විද්වතෙකි.එතුමා අපට දුන් දායාද රැසකි.අගනා පොත් රාශියක් මොහුගේ නිර්මාණයන්ට අයිතිය.වැලිතොට විසු ගමට සබඳකම් කියන කවියන් රැසකට එක් වු මිණි පහන් අතර වැලිතොට ඒ.යු.ඒ ගුණතිලක හිමි,මහාකවි ආනන්ද රාජකරුණා සහ මෙතුමා මුල්තැනක් ගනී.මෙතුමාගේකෘතීන් අතුරින් යුග බැඳි හදවත, ආනන්ද සම්ප්‍රවේදනය,මොහාට්ටිවත්තේ ගුණානන්ද හිමි සම්ප්‍රදානය,සුදු වැලිතලාවේ ගුම්නැගෙන ගී විශේෂ තැනක් ගනී.සැම දෙයක්ම ම වෙන් වී යන අයුරු බුදුදහම පෙන්වන ලෙස මහා කවි විමල් අබේසුන්දර අපෙන් වෙන් වී ගොසිනි.මහාචාර්ය නන්දසෙන රත්නපාල ශුරීන් මොහුවෙත ලියු ලිපියකින් දක්වන කවි දෙකකින් මේ සමාලොචනය අවසන් කිරිමසුදුසුය.සුදුවැලි තලාවේ ගුම් නැගෙන සේ ගී කිවු ඔහු මෙසේ දක්වයි.
ඒ සම්ප්‍රදානය ගැන කැප වුණු ඔබට
හරි සන්තෝෂයෙන් කියවුයෙමි අගට
ඔබ හා ඔබේ සේවය ජිවිත සෙට
ඉන් දෑකගතිමි මින් පෙර නොදුටු ලෙසට
මිලටන් මහා කවි ලිවේ ඇස් නැතුවයි.
බිතෝවන් මියුරු සර ලිවේ ඇස් නැතුවයි
හෙලන් කෙලර් ලොව දිණුවේ ඇස් නැතුවයි
ඔබ මේ අයට නොදෙවෙනි බව මට නියතයි
Friday, July 4, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment